Exclusive

Sri Lanka Sports Minister Orders For Inquiry Over Kusal Perera Snub from Zimbabwe Tour

Written by N Krishnamurthy

විශිෂ්ට ක්‍රීඩකයෙකු වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව පසුගිය සින්බාබ්වේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද දැඩි කතාබහට ලක් වූ කාරණයක් විය.

බොහෝ ක්‍රිකට් තරග විචාරකයන් විසින් ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමේ සිටිය යුතු විශිෂ්ට ලෙස ඉනිම ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා හදුන්වනු ලැබූ අතර, පසුගියදා සිම්බාබ්වේ පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර තිබුණි. මේ සම්බන්ධව බොහෝ ක්‍රිකට් නායකයන්, විචාරකයන් දැඩි කතාබහක නියැලුණු බවට මාධ්‍ය වාර්තා පළ විය.

සියලු කරුණු සැළකිල්ලට ගත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා හා ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා යන බළධාරීන් වහාම ගෙන්වා ඔවුන් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරන ලදි.

මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම සියලු මාධ්‍යවල පවා විවේචන ඉදිරිපත් වන තරමට හේතු වූ කරුණු විමසූ අමාත්‍යවරයා මින් ඉදිරියට සුලු හෝ වැරැද්දක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලදි. ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩාවක් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සුදුසු මෙන්ම සංවේදී කාරණා පිළිබදව ද සොයා බලා නිවැරදිම තීන්දුවකට ඒමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ නොවීමෙන් සිදුවන හානියේ බරපතලකම ද පෙන්වා දෙන ලදි.

ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය වෙතින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

About the author

N Krishnamurthy